24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ඩෝ ටු ඩෝ ක්‍රමය’ තාවකාලිකව නවතයි

නිවසටම  භාණ්ඩ සැපයීමේ පහසුකම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබෙනවා. විදෙස්ගත පුද්ගලයන් විසින් මෙම ක්‍රමවේදය හරහා විවිධ භාණ්ඩ මෙරටට යොමුකරන අතර, එම භාණ්ඩ සෘජුවම පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ආයතන විසින් අදාළ පුද්ගලයන් ගේ නිවෙස් වෙතට යොමුකිරීම මෙම ක්‍රමවේදය මඟින් සිදු වුණා.

කෙසේවෙතත්, මේ පිළිබඳ දිගින් දිගට ලැබී ඇති මහජන පැමිණිලි සහ ඒ හරහා සිදු කළ විවිධ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් “ඩෝ ටු ඩෝ” භාණ්ඩ සැපයුම් ක්‍රමවේදය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රි ලංකා රේගුව පවසනවා. ඒ අනුව, දෙසැම්බර් පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර, එම දිනට පෙර නැව්ගත කර ඇති භාණ්ඩ සඳහා එය අදාළ නොවන බවද සඳහන්. කෙසේවෙතත් දෙසැම්බර් මස පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ ශ්‍රී ලංකා රේගුවේ සාමාන්‍ය භාණ්ඩ යොමුකිරීමේ ක්‍රමවේදය හරහා මෙරටට එවිය හැකි බවයි වාර්තා වෙන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles