20.4 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

ඩොලර් මිලියන 2ක් ලබා ගැනීමට උත්සහ කරන ක්‍රිකට් සංගමය

ටොරින්ටන් පිහිටි බැංකු ශාඛාවක ක්‍රිකට් සංගමයට අයත් තැන්පතුවලින් ඩොලර් මිලියන 2ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ වංචනිකයින් ලෙස හඳුනාගෙන ඇති පාර්ශවය උත්සාහ කර ඇති අතර මෙය වහා නැවැත්විය යුතු මෙන්ම ඔවුන්ට එරෙහිව විදේශ සංචාර තහනම් කිරීමට නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය අහෝසි කර නව නීතිමය ව්‍යුහයකට නීති සම්පාදනය කිරීමට ඉඩ දීමේ යෝජනාවක් සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ක්‍රිකට් පාලක මණ්ඩලයේ මගඩිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අතරවාරයේ තැන්පත් කර ඇති මුදල් නැවත අයකර ගැනීමට වංචනිකයින්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. බැංකුවේ කළමනාකාරීත්වය මේ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ උපදෙස් ලබාගෙන ඇත.” යනුවෙන් සදහන් කරනලදි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles