22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ජාවාරමක් මෙහෙය වූ ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශ රැසක මෝටර් රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ ජාවාරමක් මෙහෙය වූ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ වැටලීමක දී බවයි සඳහන් වන්නේ.

වත්තල – ගාමිණී ගුණසේකර මාවතේදී (19) අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මිරිහාන, මහරගම, තලංගම, පිළියන්දල, කහතුඩුව, වැලිකඩ, කඩුවෙල, මාළඹේ, හෝමාගම, කොට්ටාව, අතුරුගිරිය, කැළණිය, හොරණ, අලුබෝමුල්ල, දෙහිවල, කිරුළපන ඇතුළු ප්‍රදේශ රැසක මොහු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවයි.

මීට අමතරව නිවාස බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධීන් කිහිපයකද සැකකරුවෙකු වන මෙම මෘදුකාංග ඉංජිනේරුවා සතුව තිබූ පැහැරගත් මෝටර් රථ 3ක්, යතුරුපැදි 5ක්, රන් භාණ්ඩ, පරිගණක උපාංග සහ නිමි ඇඳුම් තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තා වෙනවා. තවද, ඔහුට අධිකරණ වරෙන්තු 5ක් ද නිකුත් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles