18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

ගිලන් රථ රියදුරන් පිරිසක් වර්ජනයකට

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන්ද හෙට (19) දිනයේ දී වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින්.

මෙම වර්ජනය හෙට සහ අනිද්දා යන දෙදින තුළ සිදුකරන බව මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න මහතා පැවසුවා.

සභාපති සම්පත් කරුණාරත්න මහතා සඳහන් කළේ මධ්‍යම පළාතේ වසර 20ත් 30ත් හෝ ඊටත් වැඩි කාලයක පුහුණුව හා පලපුරුද්ද සහිත ගිලන් රථ රියදුරන් 15 දෙනෙකු මේ වනවිට පළාතේ වෙනත් රාජ්‍ය ආයතන වෙත මාරු කර යැවීමට අදාළ ලිපි ලේඛන එවා ඇති බවයි.

ඒ වෙනුවට කිසිදු පුහුණුවක් නොමැති නවක රියදුරන් 15 දෙනෙකු ගිලන් රථ ධාවනය සඳහා අනුයුක්ත කර ඇති බවත් එය වහාම නතර කරන ලෙසත් සම්පත් කරුණාරත්න මහතා පවසනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles