25.9 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ගංවතුර අවදානමක් ගැන දැනුම්දීමක්

මහඔය මිටියාවතේ පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තර්ජනයක් ඇති විය හැකි බැවින් ඉදිරි පැය 24 තුළ අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එමෙන්ම වර්ෂාවත් සමඟ දැදුරු ඔය, තබ්බෝව, වෙහෙරගල, ලුණුගම්වෙහෙර, මව්ආර, උඩවලව යන ජලාශවල තවදුරටත් වාන්දොරටු විවෘතව පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles