22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඛනිජ තෙල් සමාගමේ සේවකයින් පිරිසකට වැඩිපුර ඕටී

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 19 දෙනකුට පසුගිය 2021  වර්ෂයේදී ඔවුන්ගේ මූලික වැටුප මෙන් 300%කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

ජාතික විගණන කාර්යාලය පවසන්නේ, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අතිකාල වැඩ සඳහා සැබෑ අවශ්‍යතා නොමැති අවස්ථාවලදී පවා සේවකයන් විශාල පිරිසකට මෙලෙස රුපියල් කෝටි ගණනක අතිකාල ගෙවීම ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් බවයි.

එමෙන්ම, සේවකයන් 210 දෙනකු සිය මූලික වැටුප මෙන් 200%කට වැඩි අතිකාල දීමනාද, සේවකයන් 988 දෙනකු තම මූලික වැටුපෙන් 100%කට වඩා අතිකාල දීමනාද සේවකයන් 1335 දෙනකු 75% කට වැඩි අතිකාල දීමනාද 2021 වර්ෂයේදී ලබාගෙන ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles