18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

කුඩු කුඩුකරන පළමු දිනයේ 83ක් කූඩුවට

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා දිවයින පුරා ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ පළමු දිනයේම සැකකරුවන් 83ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පවසයි.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 45 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරැදි සඳහා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් බවට වාර්තා වේ.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මත කොලොන්නාව මෙත්සද සෙවණ නිවාස සංකීර්ණය ඇතුළු බස්නාහිර පළාත දකුණ දිසාවේ ප්‍රදේශවල ක්‍රියාත්මක කල මෙහෙයුමකින් හෙරොයින්, අයිස්, ගංජා සහ මත්පෙති සමග පුද්ගලයින් 42කු අත්අඩංගුවට ගෙන තිබිණි. මෙහිදී පුද්ගලයින් 625 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබිණි.

මෙහෙයුම අධීක්ෂණය කිරීම සදහා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද එක්විය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles