18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කැනඩාවට පැන යාමට උත්සාහ කළ තරුණයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස සකස් කළ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් කැනඩාවට පැන යාමට උත්සාහ කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ  (10) අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, පරුත්තුරෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.  ඔහු ඊයේ රාත්‍රී 07.10 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටාර් රාජ්‍යයේ දෝහා බලා යාමට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

ඔහුගේ ගුවන් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී ගමන් බලපත්‍රය ව්‍යාජ තොරතුරු යොදා සකස් කර ඇති බව පරීක්‍ෂණවලින් තහවුරු වීමත් සමඟ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles