18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

කාන්තා නිලධාරිනියනගේ ගැටළු විසදෙයි

උසස්වීම් ලබාදීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට සිදුව ඇති අසාධාරණය වහා නිවැරදි කරන්න ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නිර් දේශ කර ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ උසස්වීම් ලබාදීමේදී පොලිස් නිලධාරිනියන්ට අසාධාරණයක් සිදුව ඇතැයිද ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මේ බව අනාවරණය වී ඇත.

මේ කරුණු අනාවරණය වූයේ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (විශේෂඥ වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles