තමන්ගේ අමාත්‍යාංශයේ තමන් කරන රාජකාරී කටයුතු සදහා කිසිදු කෙනෙක් ඇගිලි ගැසීමක් සිදු කරනවාට තමන් අකමැති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් අද පවතින තත්ත්වය සම්බන්ධයෙන් ද නීතියේ ලබැදියාව මත නිකුත් කළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා. නීතිපතිවරයාට තමන් දුරකථනයෙන් 5 වතාවක් කතා කළ බවත් තමාව නීතිපතිවරයා මග ඇරිය බවද සදහන් කර සිටියා.
ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කළ යුතු බවට පාර්ලිමේන්තුවේ 225 ම එකතු වී හෙට දිනයේ යෝජනාවක් සම්මත කළ යුතු බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවට විපක්ෂයේම එකගතාව පළවූ අතර මේ සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, පා.ම. විමල් වීරවංශ හා ඩලස් අලහපෙරෙුම යන මහත්වරුන්ද සහය පළ කරන ලදී.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට කතානායකවරයා සමගින් විශේෂ පක්ෂ නායක හමුවක් ද මේ වන විට පැවැත්වේ.