22 C
Sri Lanka
Saturday, December 9, 2023
spot_img

ක්‍රිකට් අතුරු කමිටු නඩුවෙන් සභාපති විනිසුරු ඉවත්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (14 වැනිදා ) ඉවත් වී තිබේ.

තමන් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කර ඇති පදනම් විරහිත ප්‍රකාශය හේතුවෙන් තමන් මෙසේ නඩු විභාගය ඉවත් වන බව ද සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඉන් අනතුරුව මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වෙත යොමු කෙරුණු බවට වාර්තා වේ.

අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ද ඉවත් වන බව දැනුම්දීම හේතුවෙන් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත රිට් පෙත්සම යළිත් යොමු කර ඇත.

ඒ අනුව මෙම රීට් පෙත්සම ඩී.එන් සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මස 16 වැනි දින කැඳවීමට නියමිතව ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles