18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඖෂධ නිදහස් කරගන්න කමිටුවක්

ආනයනය කළ ඖෂධ වරායෙන් නිදහස් කරගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්බන්ධීකාරක කමිටුවක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

කොළඹදී  (26) කැදවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි එම කමිටුව පිහිටුවා ඇති බවයි. මේ අතර ප්‍රමිතිය තහවුරු කර ඇති නමුත් මේ වන විට ලියාපදිංචිය කල් ඉකුත් වී පවතින ඖෂධ සදහා ලබන වසරේ ජුනි මස අවසානය වන තෙක් ලියාපදිංචිය නැවත ලබාදීමට තීරණය කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles