19.8 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

ඉතාලි ඒඩා බෙලා කොළඹ එයි

ඉතාලි ධජය යටතේ යාත්‍රා කරන ඒඩා බෙලා සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මගීහු 1900 ක් සහ 730 කාර්ය මණ්ඩලයක් රැගෙන ඊයේ (09) කොළඹ වරායට සේන්දු විය.

ඒඩා බෙලා 2008 වසරේදී ඉතාලියේදී නිෂ්පාදිත නෞකාවක් වේ. ඒඩා බෙලා පසුගිය 1 වැනිදා ඕමානයේ ඛසාබ් වරායෙන් ගමන් ආරම්භ කර තිබේ. මහල් 12 කින් සහ කාමර 1025 කින් යුත් මෙම නෞකාවට මගීන් 2500 කට පහසුකම් සැලසීමට හැකියාව ඇත.

සමාජ ශාලා සහ බීමහල් 12 කින් සහ විවේකාගාර 3 කින් සමන්විත මෙම නෞකාවේ අවන්හල් 7 ක් සහ පිහිනුම් තටාක 8 ක් තිබේ.

එම්.වී ඒඩා කෲසස් ජර්මනි සමාගම මෙම නෞකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles