25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ඉඟුරු සහ අමු මිරිස් රුපියල් 2000කට ආසන්නයි

රටපුරා වෙළෙඳ පොළවල්වල එළවළු සහ මාළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ එළවළු සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, එහි මිල තවත් ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙන්දෝ පවසති.

වෙළෙන්දන්ට අනුව කැරට් කිලෝවක් රුපියල් 1000ක් වන අතර අමු මිරිස් සහ ඉඟුරු කිලෝවක් රුපියල් 2000කට ආසන්න වේ.ෙ ඒ වගේම බොනචි රුපියල් 500ට බණ්ඩක්ක ,රුපියල් 250කට, මිරිස් රුපියල් 700කට, ගෝවා රුපියල් 500කට,‍සහ තක්කාලි රුපියල් 800කට අලෙවි වෙනවා.

මේ අතර දඹුල්ලේ, තඹුත්තේගම සහ කැප්පෙට්ටිපොළ ආර්ථික මධ්‍යස්ථානවල කැරට් කිලෝවක් රුපියල් 1000ක්, ඉඟුරු රුපියල් 1900ක්, අමුමිරිස් රුපියල් 1800ක්, කරපිංචා රුපියල් 900ක්, තක්කාලි රුපියල් 900ක්, වම්බටු රු. 800ක් වූ අතර මුං ඇට රු.560ක් විය. කෙසේ වෙතත් වෙළෙඳපොළේ එළවළු මිල ඉහළ යාම හේතුවෙන් තමන්ට නිසි ප්‍රතිලාභයක් නොලැබෙන බවද ගොවීහු පවසති.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles