20.1 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

අදත් සෞඛ්‍ය වර්ජනය ක්‍රියාත්මකයි

වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද (11) පෙරවරු 6 සිට සියලු රෝහල් පරිපාලන නිලධාරීන්, කණිෂ්ඨ සෞඛ්‍ය කාර්යමණ්ඩල ඒකාබද්ධව වර්ජනයක් දියත් කරන බව සෞඛ්‍ය වෘත්තිය සංගම් පවසා තිබේ.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ ඊයේ පෙරවරු 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ අතර ඩෙංගු හා සරම්ප මර්දන වැඩසටහන් ද ක්‍රියාත්මක වූයේ නැත. වෛද්‍යවරුන් සඳහා වන ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පළකරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඊයේ ආරම්භ කළ පැය 24ක සංකේත වැඩවර්ජනය අද උදෑසන අවසන් කෙරුණි.

කෙසේවෙතත් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ අද පෙරවරු 8ට සිය සේවාවලින් ඉවත්ව ගියේ පැය 48ක් සංකේත වර්ජනයක් ආරම්භ කරමිනි. ඒ වෛද්‍යවරුන්ට පමණක් ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් ඩැට් දීමනාව වැඩිකිරීමට විරෝධය පළකරමිනි.

වර්ජනයට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආදී වෘත්තිය සංගම් 10ක් එක්වුණි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles