22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සිව් වෙනි වරටත් හිටපු අගමැතිනී ජය ගනී

බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය ජයග්‍රහණය කල බවට විදෙස් මාධ්‍ය පහසයි.

මෙම මැතිවරණ ජයත් සමඟ අගමැතිනී සීක් හසීනාට පිටපිට අවස්ථා හතරකදී මැතිවරණය ජයග්‍රහනය කරයි.

බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. ඊයේ (7) පැවැත්වුණු මහ මැතිවරණයට, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120 ක් සුදුසුකම් ලබා සිටි අතර, ඔවුන්ගෙන් හරි අඩක් කාන්තාවන් බව බංග්ලාදේශ මැතිවරණ කොමිසම පවසා තිබුණි.

ඊයේ (7) පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙද්දී, ආසන 152 කට වඩා දිනා ගැනීමට අවාමි ලීගය පක්ෂය සහ ඊට හිතවත් දේශපාලන පක්ෂ සමත් වී සිටියේය. ඒ අනුව, 2009 වසරේ සිට බලයේ සිටින 76 හැවිරිදි සීක් හසීනා තවත් වසර පහක්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හිමිවනු ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles