18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සටන් විරාමය දීර්ඝ කිරීමට හමාස් සංවිධානය එකඟ වෙයි

දැනට පවතින මැදිහත්වීමේ කොටසක් ලෙස, ගාසා තීරයේ මානුෂීය සටන් විරාමය තවත් දින දෙකක් සඳහා දීර්ඝ කිරීමට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි  කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Majed al-Ansari X  (Twitter)හි පැවසීය.

පසුගිය සිකුරාදා (24) ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය දින 04ක  සටන් විරාමයක් ආරම්භ කළේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් සාකච්ඡා පවත්වමිනි.

ඇමෙරිකාවත් ඊජිප්තුවත් සාකච්ඡා සාර්ථක කර ගැනීමට පසුපස සිටිමින් ශක්තියක් වූ බව කටාර් එමීර්වරයා පවසා තිබේ.

දෙපාර්ශ්වය අතරේ එකඟත්නයක් ඇති වූයේ ඊශ්‍රායලය, එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් 150 දෙනකු නිදහස් කිරීමට සහ හමාස් සංවිධානය ඔවුන් විසින් ඊශ්‍රායලයේ දී අල්ලා ගත් ප්‍රාණ ඇපයේ රඳවා ගනු ලැබූ 240 දෙනාගෙන් 50 දෙනකු මුදා හැරීම සඳහාය.

සිවුදින සටන් විරාමය අද (28) අවසන් වෙයි. එය තවත් දීර්ඝ කරන්නැයි ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් ද ඉල්ලීමක් කර ඇත.

සටන් විරාමය තවත් දින දෙකක් දීර්ඝ කිරීමට හමාස් සංවිධානය එකඟ වුවත්, ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් තවමත් හරිහැටි කිසිවක් පවසා නැත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles