26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

වසර 72කට පසු  අධික ශීතලක්

වසර 72කට පසු චීනයේ බීජිං අගනුවරට බලපා ඇති සීතලම කාලගුණය දෙසැම්බර් මාසයේ වාර්තා වී තිබේ.

1951 වර්ෂයෙන් පසු බීජිං නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 10ට වඩා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම ශීත කාලගුණය චීනයේ තවත් පළාත් රැසකට බලපා ඇති අතර ඇතැම් ප්‍රදේශවල පාසල් වසා දමා ඇති අතර ප්‍රවාහන සේවාව ද ඇණහිට ඇති බව වාර්තා වේ.

සීතල හේතුවෙන් චීනයේ හෙනාන් පළාතේ බලශක්ති සැපයුම ද අඬාල වී තිබේ.

මීට මස 06කට පමණ පෙර ජුනි මාසයේ දී චීනයේ බීජිං නගරයේ අධික උෂ්ණත්වයක් පැවති අතර එහිදී සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයක් වාර්තා කර තිබුණි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles