19.8 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

රොබෝ ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

රොබෝ යන්ත්‍රයක පහර දීමකින් දකුණු කොරියාවේ සමාගම සේවකයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ආහාර අසුරා තිබූ පෙට්ටි කිහිපයක් නිවැරැදි ව හඳුනා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් රොබෝවරයා විසින් මෙම පුද්ගලයාට පහර දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

40 හැවිරිදි වියේ පසු වූ මෙම පුද්ගලයා, රොබෝ යන්ත්‍රය පරීක්ෂා කරමින් සිටිය දී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

රොබෝ යන්ත්‍රය විසින් පුද්ගලයා ව අල්ලාගෙන ඔහුගේ මුහුණට සහ පපු ප්‍රදේශයට පහරදී ඇති බව දකුණු කොරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වාර්තා කරනවා.

තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles