ඊයේ (12) දිනට යෙදී තිබූ දීපාවලි සැමරුමත් සමඟ රතිඤ්ඤා පුපුරවා හැරීම සහ ගිනිකෙළි පැවැත්වීම හේතුවෙන් ඉන්දියාවේ වායු දුෂණය තව තවත් ඉහළ ගොස් තිබේ.
පසුගිය සති කිහිපය පුරා ඉන්දියාවේ දිල්ලි අගනුවර පවතින වායු දුෂණ හේතුවෙන් එහි ජනතාව දැඩි අපහසුතාවයට මුහුණදෙමින් සිටී. දිල්ලියේ මාර්ග දූවිලි අංශ සහිත ඝන දුමාරයකින් වැසි ගොස් ඇති බවත් එම මාර්ගවල ගමන් ගන්නා විට මීටර් කිහිපයක් ඉදිරිය නොපෙනෙන බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
පසුගිය ඔක්තෝබර් මස අවසන් සතියේ සිට දිල්ලි නගරයේ පරිසර දුෂණයට අදාළ දර්ශකයන් හි අයහපත් අගයන් පෙන්නුම් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම කර ඇති සීමාව මෙන් 20 ගුණයකින් දිල්ලි නුවර වායූ දූෂණය ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව නගරයේ පාසල්වල ප්‍රාථමික පන්ති වසා දැමීමටත් නගරයට ට්‍රක් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.