නැපෝලියන් බොනපාට්ගේ හිස්වැසුම පැරීසියේ දී යුරෝ මිලියන 1.9කට (ඩොලර් මිලියන 2.1ක් සහ පවුම් මිලියන 1.7ක්) වෙන්දේසි කර තිබෙනවා.
19 වැනි සියවසේ ප්‍රංශ අධිරාජ්‍ය පාලනය කළ සමයේ ඔහු පළදින ලද හිස්වැසුම බවටයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙය මිල දී ගත් පුද්ගලයා ප්‍රසිද්ධියට පත් කර නොමැති බවයි.
මෙම තොප්පිය නැපෝලියන්ගේ අන්න්‍යතාවය පෙන්නුම් කරන ඇති අතර, එය පැත්තට පැළඳිමෙන් සටන් බිමේ දී ඔහුව හඳුනා ගත හැකි බව සඳහන්…
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ 1815 දී වෝටර්ලූහිදී පරාජයට පත් වීමෙන් පසු නැපෝලියන්ගේ කරත්තයෙන් කොල්ලකන ලද රිදී පිඟානක්, රිදී දත් බුරුසුවක්, කතුරක් සහ වෙනත් බඩු බාහිරාදිය සමඟ ඔහු සතුව තිබූ ලී වැනටි පෙට්ටියක් අලෙවි කෙරෙන අනෙකුත් භාණ්ඩ අතර වන බවයි..