රුසියාවේ ජනධිපති ව්ලැදිමිර් පුටින් මහතා අඛණ්ඩව 2030 දක්වා බලයේ රැඳී සිටිනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ ඔහුගේ ජනප්‍රියත්වය 80%ක ප්‍රතිශතයක පවතින බවත් 2024 වසරේ පැවැත්වෙන රුසියාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කිසිදු දේශපාලඥයකු පුටින්ගේ ජනප්‍රියත්වය අභිබවා යෑමට නොහැකිවී ඇති බවත් සිදුකල සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
ලබන වසරේ මාර්තු මාසයේදී රුසියාවේ ජනාධීපතිවරණය පැවැත්වෙන විට පුටින්ගේ වයස අවුරුදු 71ක් වනු ඇත.