X සමාජ මාධ්‍ය ජාලයේ අයිතිකරු එලෝන් මාස්ක් යුදෙව් විරෝධී ප්‍රකාශයකට සිය එකඟතාවය පළ කර තිබීම හේතුවෙන් ඇපල් ඇතුලු ප්‍රධාන සමාගම් රැසක් X ජාලයෙහි වෙළඳ දැන්වීම් පළ කිරීම නවතා තිබෙනවා.
බිලියනපතියෙකු මෙන්ම ටෙස්ලා සමාගමේ ප්‍රධානී වන එලෝන් මස්ක්, පසුගිය බදාදා දින යුදෙව්වන් සුදු ජාතිකයින්ට එරෙහිව වෛරය පතුරවන බවට සඳහන් කරන ලද සටහනකට සිය එකඟත්වය පළ කර තිබුණා.
ඔහු එම ප්‍රකාශය සත්‍යයක් වශයෙන් අනුමත කර තිබෙනවා.
ඒ අනුව, මස්ක්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට විරෝධය පළ කරමින් ඇපල් සමාගම ඇතුලුව තවත් ප්‍රධාන තාක්ෂණික සමාගම් රැසක් X හි සිය වෙළඳ දැන්වීම් පළ කිරීම නවතා තිබෙනවා.
Warner Bros, Paramount, Sony Pictures සහ Comcast/NBCUniversal වැනි සමාගම් මෙම වර්ජනයට එක්ව තිබෙනවා.