24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දැමීමට යෝජනාවක්

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධය මධ්‍යයේ, දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව දකුණු අප්‍රිකානු ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දැමීමේ යෝජනාවක් සම්මත කර ඇත.

මෙම යෝජනාව බොහෝ දුරට සංකේතාත්මක වන්නේ එය ක්‍රියාත්මක කිරීම ජනාධිපති සිරිල් රමපෝසාගේ රජයට පැවරෙන බැවිනි.

තානාපති කාර්යාලය වසා දැමීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 248ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 91ක් ලැබිණි.

ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලයේ ගුවන් සහ ගොඩබිම් ප්‍රහාරවලින් 14,100කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසා ඇති අතර වටලනු ලැබූ ගාසා තීරයේ ඊශ්‍රායලය යුද අපරාධ සහ ජන සංහාර සිදු කරන බව තම රට විශ්වාස කරන බව රමෆෝසා පවසා තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles