19.8 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයේ තීරණය ගැන ප්‍රකාශයක්

උතුරු ගාසා තීරයේ සිවිල් ජනතාවට ඉවත්වී යාම සඳහා දෛනිකව පැය 4ක ප්‍රහාර නැවැත්වීමේ ක්‍රියාමාර්ගයකට ඊශ්‍රායලය එළඹෙනු ඇති බව අමෙරිකාව පවසයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සමග සති කිහිපයක් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණයට එළඹි බවය.ඊයේ දිනයේ සිට ගාසා තීරයේ වැසියන්ට ඉවත්ව යාම සඳහා මානුෂිය කොරිඩෝ 02ක් හඳුන්වාදීමට ද නියමිතව තිබු බව ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.

මේ අතර සිය සාමාජිකයින් 99 දෙනෙකු ගාසා තීරයේදී ඝාතනයට ලක්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ ගාසා තීරයේ පවතින තත්ත්වය අතිශයින්ම දරුණු බවය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles