16.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

හූදි සටන්කාමීන්ගේ තර්ජනයේ බලපෑම් ශ්‍රී ලංකාවටත්

රතු මුහුදේ හූදි කැරලිකරුවන්ගේ ප්‍රහාරවල බලපෑම හේතුවෙන් තුර්කියෙන් ආනයනය කරන තිරිඟු පිටි තොග මිල ටොන් එකකට ඩොලර් 100 කට වඩා වැඩි වීම විශාල බලපෑමක් වනු ඇති බව මෙරට දේශීය ව්‍යාපාරිකයන් පවසයි. හූදි කල්ලියේ ප්‍රහාර හේතුවෙන් නැව් සමාගම් රතු මුහුදෙන් සිය සේවා නවතා දමා තිබේ. ඉවතට හරවා යවා ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව සිය මුළු තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් 25% ක් ආනයනය කරනු ලැබේ. එ් අතරින් තුර්කිය ප්‍රධාන සැපයුම්කරු වන අතර ටොන් එකක් ඩොලර් 350-360 අතර පැවති මිල මේ වන විට ටොන් එකක් ඩොලර් 450-460 දක්වා ඉහළ ගොස් ඇති බවද පැවසේ.
මේ වන විට නැව්ගත කිරීමේදී ගතවන කාලය පැවති කාලයට වඩා අවම වශයෙන් මාසයකින් වැඩි වනු ඇත. රතු මුහුදේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ඇති වූ ඉහළ රක්ෂණ වාරිකයක් හේතුවෙන් ද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, වත්මන් තත්ත්වය යටතේ ඉහළ සමුද්‍ර රක්ෂණ වාරික හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන පරිප්පු සඳහා ද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ ගොස් ඇත.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles