24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

නිළි නයන්තාරාට නඩුවක්

ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන  ‘Annapoorani’ හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් මෙලෙස ඇයට එරෙහිව නඩු පවරා ඇති බවයි.

ඒ අනුව ‘Annapoorani’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Nilesh Krishnaa, නිෂ්පාදකයින් වන Jatin Sethi සහ R Ravindran සහ Netflix India හි ප්‍රධානීMonika Shergill ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මෙලෙස චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම චිත්‍රපටය 2023 වසරේ දෙසැම්බර් මස පළමු වනදා ප්‍රදර්ශනය ආරම්භ කළ අතර දෙසැම්බර් 29 වනදායින් පසුව එය Netflix ප්‍රදර්ශනය ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත්, පොලිසියට ලද පැමිණිලි හමුවේ ‘Annapoorani’ චිත්‍රපටය Netflix හි ප්‍රදර්ශනය කිරීම  තාවකාලිකව නවතා තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles