26 C
Colombo
Sunday, October 1, 2023
spot_img

DAISY AI වලින් සල්ලි හොයන්න පුලුවන්ද?

අද අපි කතා කරන්නේ අලුත් තාක්ෂණයක් ගැන ඒවගේම එකෙන් මුදල් උපයන්නත් පුළුවන් කියන Platform එකක් විදියට ලෝකේ ප්‍රසිද්ධ වෙච්ච D.AI.SY AI එහෙමත් නැත්තන් Decentralized Artificial Intelligence System ගැන තමයි අපි අද කතා කරන්නේ.

DAISY AI Review;DAISY AI
DAISY AI Review;DAISY AI

D.AI.SY (Decentralized Artificial Intelligence System) ලෙස අදහස් කරන්නේ විමධ්‍යගත කෘතීම බුද්ධි පද්ධතියයි. එය මුල්‍ය තාක්‍ෂණයන් (Finance Technology) සඳහා සමූහ අරමුදල් සපයන වේදිකාවක්  (Crowd Funding Platform) ලෙස හැදින්විය හැක.මොකක්ද මේ සමුහ අරමුදල් සපයන වේදිකාව (Crowd Funding Platform) කියන්නේ සමූහ අරමුදල් සපයන වේදිකාවක් කියන්නේ අන්තර්ජාලය හරහා විශාල පිරිසකගෙන් සුළු මුදලක් එකතු කර  ව්‍යාපෘතියකට හෝ  ව්‍යාපාරයකට අරමුදල් සැපයීමේ ක්‍රමවේදයයි.

මේ පද්ධතිය  සුරක්‍ෂිතව  දත්ත ගබඩා කරන  නවීන තාක්‍ෂණයක් වන (Blockchain) මත ක්‍රියාත්මක වන අතර මුල්‍ය  ගනුදෙනු  කිසිඳු සමාගමක් හෝ පුද්ගලයෙක් සම්බන්ධ නොවී  Smart  Contract (ස්වයංක්‍රීයව,පාලනය කිරීම හෝ ලේඛනගත කිරීම අරමුණු කරගත් පරිගණක වැඩසටහනක්) මත ක්‍රියාත්මක වෙනවා කියලා තමයි මේ කට්ටිය කියන්නේ. මේක ලෝකේ ප්‍රථම කෘතීම බුද්ධි යොදා සිදු කරන අන්තර්ජාල වෙළදාම (Crypto Exchange Trading system) වන අතර  මෙමගින් දැනට පවතින සාමාන්‍ය Trading system  වලට වඩා හතර ගුණයක්  වැඩියෙන් ලාබයක් ලබා ගත හැකි බව මෙම තාක්‍ෂණය සොයාගත් ඊශ‍්‍රායලයේ  එන්ඩෝ ටෙච්  (Endotech ) ආයතනය පවසයි. ඒ අනුව 100 USD මුදලක් ආයෝජනය කිරීමෙන් 1000% ප්‍රතිලාබයක් හිමිකරගත හැකි බව පැවසේ මෙම ක්‍රමවේදය ප්‍රචාරය කරන්නන් පවසයි.

D.AI.SY (Decentralized Artificial Intelligence System)

මෙයාලා කොටින්ම කියන්නේ ඔයා ඇමෙරිකානු ඩොලර් 100 ආයෝජනයක් බලාපොරොත්තු වෙනාවා ඒකෙන් ඔයාට ආපහු 1000% ප්‍රතිලාභයක් හම්බෙනවා කියලා තමයි මේ ගොල්ලෝ කියන්නේ. පිස්සු හැදෙනවා නේද? ඔයා 100 USD දාපුවාම 1000USD හම්බෙනවා.

මෙම පද්ධතිය වෙබ්  අඩවිය හරහා වගේම ජංගම දුරකථන මෘදුකාංගයක් (mobile application) විදියටත් පාවිච්චි කරන්න පුළුවන් මේ පද්ධතිය  ගිණුමක් නිර්මාණය කර ඇතුළු වීම සඳහා අඩුම වශයෙන් 100 USD  සිට 10000 USD  අතර මුදලක් ආයෝජනය කිරීම සිදු කල යුතු අතර  ආයෝජන මුදල වැඩිවන තරමට ප්‍රතිලාබද  වැඩිවන බව පවසයි .  ඒ අනුව  එක වරක් ආයෝජනය කල පසු , සෑම  මාසයකටම එම  ආයෝජනය  කල මුදලට  තවත් මුදලක්  එකතු වෙනවා මේ සල්ලි වෙබ් අඩවියෙන් වගේම ජංගම දුරකථන මෘදුකාංගය හරහා බලාගන්න පුලුවන්.

නිකන් පිරමිඩ් කතාවක් වගේ නේද? නව පරිශීලකයෙක්  ආයෝජනය කල විට එම  මුදල ගෙන අනෙකුත් නව සාමාජිකයින්ට කිහිප දෙනෙකුට බෙදාදෙයි. එලෙස මුදල් ලැබෙන නිසා මෙය ලාභ ලබන වේදිකාවක් බව අලුතින් එන පරිශීලකයින් විශ්වාස කිරීමට පෙළබෙනවා. තවද නව සාමාජිකයින්ගෙන් මෙම ලබා ගන්නා මුදල්  පැරණි සාමාජිකයින්ටද  ලබා දෙන නිසා ඔවුන්ගේ අදායම් මට්ටමද ඉහල යනවා එහින්දා සැම  සාමාජිකයෙක්ම හැකි තරම් නව සාමාජිකයන්  මෙහි ආයෝජනය කිරීමට පොළබවා ගැනීමට දැඩි උත්සයක් සිදු කරයි. තවද එක වරක්  අනුබද්ධ සාමාජිකයෙකු වූ පසු දිගින් දිගටම ආයෝජනය කිරීමට මෙම සාමාජිකයින් බැඳී සිටී. එබැවින් ආයෝජනය කල මුදල කිසිවිටක පිටතට ගැනීමට මෙම සාමාජිකයින් ක්‍රියා නොකරයි. ඒ අනුව  ඇතැම් පුද්ගලයන්  වේදිකාව සමඟ ඩොලර් 50,000 කට වඩා තැන්පත් කර ඇති බව ඇතැම් දත්ත පවසයි.

අපේ නිගමනය D.AI.SY ගැන

  1. මුලින්ම අන්තර්ජාතික සමාලෝචන කරන වෙබ් අඩවි (Reviews website) වලට අනුව මෙම පද්ධතිය පිරමිඩ ආකාරයක් ක්‍රියා කරන භයානක  වංචාවක් බවත්  මෙය තුලින්  මුදල් එලියට ලබාගත් කෙනෙකු නැති බවත්  කියනවා.
  2. ඊශ‍්‍රායලයේ EndoTech අයතනයේ නිල වෙබ්අඩවියේ (https://endotech.io/) තුල මේ සම්බන්ධව කිසිඳු විස්තරයක් සදහන් වන බව නිරීක්‍ෂණය නොවුණු අතර ඔවුන් පහත පද්ධති පමණක් ඇති බව ප්‍රකාශ කරයි.
  3. මෙම එන්ඩොටෙක් සමාගම  ගැන පහත කරුණු නිරීක්‍ෂණය විය.
    1. වෙබ් අඩවිය හරහා  සමාගම  සම්බන්ධතා තොරතුරු ලබා නොදේ, ලබා දී ඇත්තේ  විද්‍යුත් තැපැල් ලිපිනයක් පමණි.
    2. එය 2012 දී ආරම්භ කරන ලද බව සමාගම කියා සිටියත් එහි වෙබ් අඩවිය ලියාපදිංචි වූයේ 2018 දීය. මෙතරම් විශාල සමාගමක් මෙතරම් කාලයක් වෙබ් අඩවියක් නැතිව පැවතියද යන්න සැක  සහිත වේ.සමාගමේ කාර්ය මණ්ඩලය ලෙස මෙම ක්‍ෂේත්‍රයේ ඔප්පු කළ නොහැකි ඉතිහාසයක් ඇති පුද්ගලයින් දෙදෙනුකුගේ විස්තර පමණක් ඉදිරිපත් කරයි.
  4. මෙම පද්ධතිය තුලින් ආයෝජකයින්ගෙන් මුදල් ලබා ගන්නා අතර, එම මුදල මුල්‍ය වෙළඳපොළවලට වෙළඳාම් කරන බව දැනුම් දෙයි. ඒ අනුව මෙම සේවාව බලපත්‍රයක්  අවශ්‍ය ආයෝඡන සේවාවක් උවද එවැනි කිසිඳු බලපත්‍රයක් මොවුන් ලබාගෙන ඇති බව නිරීක්‍ෂණය නොවිය. එසේම  මෙහි  ආයෝජනය සිදු කරන පුද්ගලයින්ම මෙම පද්ධතිය ප්‍රවර්ධනය සඳහා  කටයුතු කරන බවද නිරීක්‍ෂණය විය.
  5. මෙම පද්ධතිය කෘතිම බුද්ධිය (Artificial Intelligence) සහ ස්මාර්ට් කොන්ත්‍රාත් මත පදනම්ව ක්‍රියා කරන බව පවසයි. ලෝකයේ ඉහළම මුල්‍ය සමාගම් මෙම ක්‍ෂේත්‍රය තුළ ආයෝඡනය කරමින් පද්ධති සංවර්ධනය කලද මෙය සාමාන්‍ය  ජනතාවට ලබා ගත හැකි දෙයක් නොවේ. තවද මෙම ගනුදෙනුව සිදු කරනුයේ ස්මාර්ට් කොන්ත්‍රාත් මගින් නිසා හදිසි අවශ්‍යතාවයකදී  නිසි වගකිව යුතු පුද්ගලයෙක් හෝ ආයතනයක් නොමැති බව අපහට නිරීක්‍ෂණය වීය.
  6. මෙම පද්ධතියේ සඳහන් කර ඇති ආකාරයට වසරකට 1000% ලාබයක් නැතහොත් දෛනිකව සාමාන්‍යයෙන්  3% ක ප්‍රතිලාබයක්  ලැබීම ප්‍රයෝගිකව  මේ වනවිට කිසිදු ආයෝජන පද්ධතියක (Trading System ) සිදු වන්නේ නැත.  තවද ලෝකයේ දැනට බාවිතාවන හොදම Trading System  සම්බන්ධයෙන් සඳහන් කර ඇති කිසිඳු වෙබ් අඩවි වල  (https://www.defistation.io)  මෙම පද්ධතියේ මෙවැනි අදායමක්  ලබා ගතහැකි බව ගැන කිසිඳු සදහනක් කරන නොමැත.

මෙම පද්ධතිය තුලින් නව  පරිශීලකයෙක්  ආයෝජනය කල විට එම  මුදල ගෙන අනෙකුත් නව සාමාජිකයින්ට සහ පැරණි පරිශීලකයෙක් හට එම මුදල් බෙදාදෙන ක්‍රමවේදයක් ඇති පද්ධතියේ බවයි. එබැවින් මෙය නීති විරෝධී පිරමිඩ ආකාරයේ මුදල් ආයෝජන ක්‍රමවේදයක් වේ. තවද  විවෘත මුලශ්‍රයන්ට අනුව,  නව ආයෝජකයින් ඔවුන් ආයෝජනය කල මුදල ආපසු ලබා ගත් බවට කිසිදු සාක්ෂියක් නොමැත. 

අන්තිමේදී ඔයාලාට තේරෙනවා ඇති D.AI.SY AI කියන්නේ බොරුවක් තවත් එක පිරමිඩ වංචාවක් තමයි. ඒ නිසා ඔයාලාට සල්ලි ගොඩාක් හම්බෙනවා කියලා හිතලා මේ වගේ වංචා කාරයන්ට අහුවන්න එපා.

Related Articles

Stay Connected

7,642FansLike
180FollowersFollow
110SubscribersSubscribe

Latest Articles