24.5 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

Street Food වෙළෙඳසැල්වලට රතු නිවේදන

තලවතුගොඩ – කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් වෙලදසැල් අද (08) වනවිට ඉවත් කර ගන්නා ලෙස එම කඩ හිමියන්ට මාර්ග සංවර්ධන අධිකාරිය තුන්වන වරටත් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත්, තම ආහාර අලෙවිසැල් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කිසිසේත්ම සූදානමක් නොමැති බව, වෙළඳසැල් හිමියන් කියා සිටියා.

දෙස් විදෙස් පිරිස් අතර ජනප්‍රිය කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් පෙළ ඉවත්කර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මුල් වරට දැනුම් දී තිබුනේ පසුගිය පෙබරවාරි මාසයේදීයි.

ඉන් අනතුරුව පසුගිය අගෝස්තු මාසයේදීද යළි ඒවා ඉවත් කර ගන්නා ලෙස එම අධිකාරිය දැනුම් දී තිබුණා.

කොළඹ  (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් සංගමයේ සභාපති සිසිර දිසානායක කියා සිටියේ, මෙලෙස තුන් වන වරටත් මෙම වෙළදසැල් ඉවත් කර ගන්නා ලෙස තමන්ට දැනුම් දී ඇති බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles