18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

IPL මූලික ලංසුවට ඇන්ජලෝ

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී ඉහළම මූලික ලංසුවක් යටතේ කාණ්ඩගත කළ ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබෙනවා. ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් 19 වැනිදා ඩුබායිහීදි පැවැත්වීමට නියමිතයි. මෙවර ක්‍රීඩක වෙන්දේසියට ක්‍රීඩකයන් 1,166ක් ලියාපදිංචි වී සිටින අතර, වෙන්දේසියේදී උපරිම වශයෙන් ක්‍රීඩකයන් 77 දෙනෙකු කණ්ඩායම්වලින් මිලදී ගැනීමට නියමිතව තිබෙනවා.

එහිදී ඉහළම මූලික ලංසුවක් හිමි කාණ්ඩය වන ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයට ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් සිටින බව වාර්තා වනවා. ඊට අමතරව එම කාණ්ඩයට එක්දින ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියා සංචිතයේ පැට් කමින්ස්,ට්‍රේවිස් හෙඩ්, මිචෙල් ස්ටාර්ක්, ජොෂ් හැසැල්වුඩ්, ස්ට්ව් ස්මිත්, ජොෂ් ඉංග්ලිස් සහ සීන් ඇබොට් යන ක්‍රීඩකයන්ද ඇතුළත් කර තිබෙනවා. වනිඳු හසරංගව කාණ්ඩගත කර ඇත්තේ, ඉන්දියානු රුපියල් කෝටි එකහමාරක මූලික ලංසුවක් ඇති ලැයිස්තුවටයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles