ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නොවැම්බර් 14 දින රැස්වූ එම කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ හැසිරීම පාර්ලිමේන්තුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.
අද (16) දින ද ඒ පිළිබඳ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
විපක්ෂ නායකවරයා, කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර Consultant to Sri Lanka Cricket – Kandy Cricket Campus Project ලෙස කටයුතු කර ඇති බවට අදාළ ලේඛණ සභාගත කරනු ලැබූ අතර එහිදී රංජිත් බණ්ඩාර මහතාට මෙම තත්ත්වය තුළ COPE කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හැකිද යන්න පිළිබඳව ප්‍රශ්න කරන ලදී.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් හි Business Management School of Colombo Consultancy Agency හි ප්‍රධාන නිලධාරියා ලෙසද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කටයුතු කරන බවටද හෙළි කරන ලදී.
Public Finance Committee සඳහා විපක්ෂ නායකවරයාට සහභාගිවිමට හා අදහස් දැක්වීමට නොහැකි තත්ත්වයක් තුළ COPE කමිටුවේ සභාපතිවරයාගේ පුත් කණිෂ්ක බන්ඩාර මහතා සහභාගි වූයේ කෙසේදැයි ප්‍රශ්න කළ අතර එහිදී කතානායකවරයා ඔහු COPE කමිටුවේ සභාපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් ලෙස සහභාගී වී ඇති බවට පිළිතුරු ලබා දෙනු ලැබුවා.
මෙහිදී COPE කමිටුවේ සාමාජිකයෙකු ලෙස පා.ම. දයාසිරි ජයසේකර මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රිකට් සම්බන්ධයෙන් තවදුරටත් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මුලසුනෙහි කටයුතු කරන්නේ නම් අනෙකුත් සාමාජිකයින් සහභාගි නොවන බවයි.