25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ATM යන්ත්‍රයක මුදල් සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මන්නා පිහි දෙකක් රැගෙන කොල්ලකෑම් කිහිපයක් සිදුකර පළාගිය දොඩංගොඩ ‘පූස්කොටා’ සහ ගෝලයා අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව කළුතර දකුණ පොලීසිය පවසනවා. පැයක පමණ කාලයක් තුළ මෙම සැකකරුවන් විසින් පානදුර නගරයේදී සිම්පත් අලෙවි නියෝජිතයෙකුගේ පාදයකට මන්නයකින් පහරදී රුපියල් 150,000කට අධික වටිනාකමකින් යුත් සිම්පත්, ජංගම දුරකථන සහ මුදල් කොල්ලකෑම, බණ්ඩාරගම පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය අසලට කඩාවැදී පුද්ගලයකුට මන්නා පහරවල් 05ක් එල්ලකර රුපියල් 150,000ක් කොල්ලකෑම සහ ගෝනදූව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බියවැද්දීම සිදුකර පලාගොස් තිබු බව සඳහන් වනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ හිටපු සෙබළෙකු බව හෙළිවී තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles