25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

450සිසි මෝටර් සයිකල් ලියාපදිංචි කිරීම සඳහා නව සැලැස්ම

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකළ ඉහළ ධාරිතාවයකින් යුත් (එන්ජින් ධාරිතාව 450cc ට වැඩි) යතුරුපැදි නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයට අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරි සති කිහිපය තුළ ලබාදෙන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ. මෙවැනි අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි විවිධ ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබුණත් ලියාපදිංචි කර තිබුණේ නැහැ.

ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති බව ද අමාත්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා.

දැනට රට තුළ ඇති එවැනි යතුරුපැදි 5,000ක් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය බදු අයකර දැඩි නීතිමය කොන්දේසි යටතේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය නිර්දේශ කමිටුවෙන් ලබාදෙන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles