26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

27 දා ජාඇලින් නව දේශපාලන පෙරළියක්…

මෙම මස 27 වැනිදා නව සන්ධානය දේශපාලන පක්ෂයේ පළමු මහජන රැලිය පැවැත්වීමට සූදානම් කර ඇති බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජාඇල නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිත මෙම රැළිය සඳහා නව සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නායක වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සංවිධානය කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, හිටපු අමාත්‍යවරුන් සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, පියංකර ජයරත්න සහ නිමල් ලාන්සා යන මහත්වරු ද සහභාගි වනු ඇති බවටයි එම ආරංචි මාර්ග පවසන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles