වාර්ෂික විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟය එල් සැල්වදෝරයේ දී පැවැත්වුණා. තරඟකාරියන් 84 දෙනෙකු අතරින් මෙවර විශ්ව රූ රැජින ලෙස කිරුළු පළඳින්නට නිකරගුවාවේ සුරූපිනිය වූ Sheynnis Alondra Palacios Cornejo සමත්ව තිබෙනවා. තායිලන්තයේ Anntonia Porsild දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ අතර ඔස්ට්‍රේලියාවේ Moraya Wilson තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.