18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

හෙට සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් ?

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයින් අවස්ථා දෙකකදී වැඩ වර්ජනයක නිරත වූවද මේ දක්වා ඊට සුභවාදී ප්‍රතිචාර නොලැබීම මත අද වගකිවයුතු පාර්ශව කිහිපයක් ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළත් නිල කමිටුවේ තීරණාත්මක සාකච්ඡාවක් අද (12) පැවැත්වේ.

එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. සිය ගැටලු සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් හෙට (13) උදෑසන සිට යළිත් දැවැන්ත වැඩ වර්ජනයකට යොමුවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles