19.8 C
Sri Lanka
Wednesday, December 6, 2023
spot_img

හින්දු භක්තිකයින්ගේ දීපවාලී උත්සවය අදයි..

දීපවාලී  නැතහොත් දීපාවැලී උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවය ලෙස හැඳින්වෙනවා. හින්දු භක්තිකයන්ට අනුව දීපාවලි උත්සව සැමරුම වසර 35000 කට පෙර සිට පැවත එන්නක්.

මෙම උත්සවය දින 5ක් පුරා පැවතෙන අතර මෙය පැවැත්වීමට පාදක වූ පුරාවෘත කිහිපයක්ම හින්දු ජනයා අතර ප්‍රචලිත වනවා. විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් දීපාවලී උත්සවය සමරණවා.

මෙම උත්සවය තුලින් තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියළු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කළා.

මෙම ඉල්ලීම සිහිපත් කරමින් හින්දු බැතුමතුන් පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ, ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිකරගෙනයි. දිපාවලිය සැබවින්ම ආලෝක පුජාවකි.

නිවෙස් තුළ මෙන්ම නගර මුළුල්ලේ ම දහස් ගණන් පහන් දල්වා ආලෝකවත් කිරීම මෙම උත්සවයේ ප්‍රධානතම අංගයකි.

දීපාවලී උත්සවය ජාතික උත්සවයක් ලෙසත්, එය ලොව අඳුර නසා ආලෝකය උදා කරවන්නක් ලෙසත්, අඥානය නැති කොට ඥානය පහළ කරන උත්සවයක් ලෙසත් හින්දු භක්තිකයින් සලකනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles