25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

හිටපු ජනපතිට, ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයි

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව මෙම තහනම පනවා ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වනු ඇත.

කෙසේ වෙතත් එම තීරණයට අදාළව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ඩෝනල්ඩ් ට්‍රම්ප් හට අවස්ථාව හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles