18.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

හමුදාවේ ආහාර වේල ගැන රජයේ අවධානය

ආරක්ෂක අංශ සාමාජිකයන් සදහා නිසි කැලරි ප්‍රමාණය සහිත පෝෂදායී ආහාර වේලක් ලබාදීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා. එම කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ රජය විසින් වියදම් කරනු ලබන මුදලට සාපේක්ෂව නිසි පෝෂණයක් සහිත ආහාර වේල් ලැබීම පිළිබඳ සොයා බලා තහවුරු කරගත යුතු බවයි.

මේ අතර, යුද හමුදාවේ ආහාර සැපයීම සිදුකරනු ලබන සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවීමට අදාළව රුපියල් බිලියන 16.5ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ පරිපුරක ඇස්තමේන්තුවක් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

දිනකට කිලෝ කැලරි 3,400 ක ආහාර වේලක් හමුදා සෙබළෙක්ට ලබාදිය යුතු වුවද වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ එය අභියෝගයක් වී ඇති බව ඊට සහභාගී වූ උසස් හමුදා නිලධාරීන් ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළා. මෙම තත්ත්වය හමුදා සෙබලාගේ චිත්ත ධෛර්ය සහ ශාරීරික යෝග්‍යතාව කෙරෙහි බලපෑම් ඇති කරන බවත් 2021 වසරේ සිට මේ දක්වා 30,000කට ආසන්න සංඛ්‍යාවක් හමුදාව හැරගොස් ඇති බවටද මෙහිදී කරුණු අනාවරණය වී තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles