25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සෞඛ්‍ය සේවකයින් යළි වර්ජනයකට

වෛද්‍යවරුන් සඳහා වැඩි කළ ප්‍රවාහන දීමනාව වන රුපියල් 35,000 ක දීමනාවට සාපේක්ෂ දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ හෙට දින දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා අදහස් දක්වමින් ඔවුන්ගේ ඉල්ලීම්වලට සවන් දෙමින් සාධනීය විසඳුමක් ලබාදී ජනතාව පීඩාවට පත්වීම වැලැක්වීම සඳහා රජයට වගකීමක් ඇති බව පැවසීය.

සෞඛ්‍ය සේවා වෘත්තිය සංගම් 72 ක නියෝජිතයින් රැස්වී පැවැත්වූ සාකච්ඡාවකදී එළඹි එකඟතාවක් අනුව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ද පැවසේ. ඒ අනුව හෙට උදෑසන 06.30 ට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ වනු ඇති බවත් ඊට සෞඛ්‍ය වෘත්තිය සමිති 72 කට අයත් කාර්යය මණ්ඩලය එක්වන බවද වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් කියා සිටියි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles