26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

සෞඛ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන පූර්ණ විශ්ලේෂණයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය කාලය තුළ සිදු වූ ප්‍රසම්පාදන ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ ගනුදෙනුවල දී යම්කිසි ගැටලුවක් හෝ වංචාවක් සිදු ව ඇත්නම් ඊට වර්තමාන සෞඛ්‍ය පරිපාලනය කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවයි.

ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලි සිදු වී පසුගිය කාලයේ දී විශාල ප්‍රමාණයේ මුදල් ප්‍රතිපාදන වෙන් කර ගෙවීම් සිදු කර ඇනවුම් කරන ලද ඖෂධ රට තුළට ලැබෙමින් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ප්‍රශ්න සහගත ප්‍රසම්පාදනයෙන් රටට අහිමි වන මුදල් ප්‍රමාණය ඉතුරු කර ගැනීම නැතහොත් නැවත ඒවා අය කරගැනීම පිළිබඳ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට හා වර්තමාන සෞඛ්‍ය ලේකම්වරයාට අත්හළ නොහැකි වගකීමක් ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles