18.6 C
Sri Lanka
Saturday, March 2, 2024
spot_img

සිරියාවට එල්ල කළ පහරදීමට ඉරානය පළිගන්නා බව කියයි

සිරියාවේ ජනාකීර්ණ ප්‍රදේශයකට පසුගිය සෙනසුරාදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය හමුදාවේ ඉහළ නිලධාරීන් 05 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමේ ප්‍රහාර එල්ල කරන බව ඉරානය පවසයි. සිරියාවේ ඩමස්කස්නුවර ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයෙන් මෙලෙස එරට උපදේශන රාජකාරිවල නිරත වූ ඉහළ ඉරාන හමුදා නිලදාරිහු 05 දෙනෙක් ඝාතනයට ලක් විය.

ඉරානය සහ සිරියාව අදාළ ප්‍රහාරය ඊශ්‍රායලය විසින් එල්ල කළ බවට ප්‍රකාශ කර තිබුණ ද ඊශ්‍රායලය මේ දක්වා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා නැතැයි පැවසේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ ප්‍රහාරය ත්‍රස්තවාදී සහ අපරාධ ක්‍රියාවක් වන බවත් ඊට එරෙහි ව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ප්‍රකාශ කර තිබේ.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles