22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

සරසවියක් තුළ වෙඩිතැබීමකින් ජීවිත රැසක් අහිමිවෙයි

විදෙස් සරසවියක් තුළ වෙඩිතැබීමකින් ජීවිත රැසක් අහිමිවෙයි.

චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර විශ්වවිද්‍යාලයක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.වෙඩිතැබීම සිදුකළ 24 හැවිරිදි පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වී තිබේ.

එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිල්ලක් තුළ දී වෙඩිතැබීම සිදුවී ඇති අතර ඇතැම් පුද්ගලයන් වෙඩි වැදීමෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් පිටතට පනින අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

පොලීසිය පවසන්නේ ප්‍රාග් නගරයේ කෑළෑබඳ ප්‍රදේශයක පසුගිය සතියේ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියට ද මෙම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සම්බන්ධ බවටය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles