26.7 C
Sri Lanka
Wednesday, February 21, 2024
spot_img

සජිත් ඔන්ලයින් අතට ගනී

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ණය ලබාදෙන ආයතන මඟින් මෙරට විශාල මූල්‍ය වංචා රැසක් සිදුවන බවත් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසයි.

”ඔන්ලයින් ලෝන් මාෆියාවට එරෙහිව පෙළ ගැසෙමු” සංවිධානයේ පිරිසක් ඊයේ (07) හමුවූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අනාවරණය වූයේ මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ආයතනවලින් ණය ලබාගත් පුද්ගලයන්ගෙන් සියයට 365කට අධික පොලියක් අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවය.

එහිදී ඔවුන් කියා සිටියේ කිසිදු නියාමනයකින් තොරව සිදුවන මෙම මූල්‍ය ගණුදෙනු නිසා ඇතැමුන් දැඩි පීඩාවට පත්ව සියදිවි නසා ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවය.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles