20.1 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එහි නායකත්වය තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට හිමිව තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ට එහි උපනායකත්වය හිමිව ඇති අතර දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් වැනි ප්‍රවීණ ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත් වනවා.

නිෂාන් මධුෂ්ක, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ප්‍රභාත් ජයසූරියද අද නම් කළ සංචිතයට ඇතුළත් වනවා.

ළහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායකද 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට එක්කර තිබෙනවා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles