22.7 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

වෙරළට කැස්බෑ මළ සිරුරු 06ක් ගොඩගසයි

යාපනයේ වඩමරච්චි නැගෙනහිර කට්ටෙයිකාඩු මුහුදු වෙරළට මියගිය කැස්බෑවන්ගේ මළ සිරුරු 6 ක් ඊයේ (28 ) ගොඩ ගසා තිබෙනවා.

මෙම කැස්බෑවන් මියගොස් දින කීපයක් ගත වී ඇති නිසා එම කැස්බෑ සිරුරු වලින් දැඩි දුර්ගන්ධයක් හමන බව වඩමරච්චි ධීවරයන් පවසා සිටියා.

මෙම කැස්බෑ සිරුරු ගොඩ ගැසීම සම්බන්ධයෙන් පළාතේ ධීවරයින් යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට දැණුම් දී ඇති අතර එම කාර්යාලයේ නිලධාරීන් හා වන ජීවී නිලධාරීන් පිරිසක් අදාල ප්‍රදේශයට ගොස් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

මේ දිනවල උතුරු මුහුදේ පවතින දැඩි රළු ස්වභාවය නිසා මෙම කැස්බෑ සිරුරු ගොඩ අසන්නට ඇති බව ප්‍රකාශ කළ වන ජීවී නිලධාරීන් එම සිරුරු වඩමරච්චි මුහුදු වෙරළේ වළ දැමීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles