25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

විරෝධතා වළක්වන්නැයි පොලිසිය කළ ඉල්ල‍ිම ඉවතට

කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද (18) දින සංවිධානය කර තිබෙන විරුද්ධතාවය හා පෙළපාළිය වළක්වන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විිසින් අද (18)ප්‍රතික්ෂේප කර තිබේ.

ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සිදු කිරිමට නියමිත විරෝධතාවය  හෝ පෙළපාළිය වැළැක්වීම කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වන වගන්තිය ප්‍රකාරව ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් වන බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එවන් නියෝගයක් නිකුත් කිරීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15.4 වගන්තිය යටතේ අයිතිවාසිකම් කඩවීමක් සිදු වූ බවට පෙනී යා යුතු බවද සඳහන් කරනලදි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles