25.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

විදුලි සේවක පිරිස්වල සේවය අත්හිටුවයිද?

සැලසුම් සහගතව සහ නීතිවිරෝධි අයුරින් උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ සේවකයින්ට පවතින නෛතික ප්‍රතිපාදන යට​තේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.

ඒ අනුව 2024 ජනවාරි මස 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ  මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශ​ය වෙත මහජන පැමිණිලි ලැබී ඇති බවයි විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබූ බවත් විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් 02 වනදා සිට සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ලිඛිත ව ඔවුන්ව දැනුවත් කර තිබු බවයි.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles