23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

විදුලි ඒකක 483ක් ජාතික පද්ධතියට

මහජන උපයෝගීතා කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (07) ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ඒ මේ වසර තුළදී පමණක් අවස්ථා තුනකදී විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා බව වාර්තා වනවා.

මෙම කාරක සභාව උපයෝගිතා කොමිසමට පසුගියදා දැනුම් දී ඇත්තේ, මෙරට ආර්ථික අර්බුදය උග්‍ර වීමට අවස්ථා 03කදී විදුලි ගාස්තු ඉහළ නැංවීම හේතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසටයි. මේ වසරේ අවසන් වරට විදුලි ගාස්තු 18% කින් ඉහළ නැංවූ අතර ඉකුත් ඔක්තෝම්බර් මස 20 වනදා සිට නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කෙරුණා.

එලෙස විදුලි ගාස්තු ඉහළ යෑමත් සමග පාරිභෝගිකයින් සුර්ය පැනල භාවිතයට යොමුවීම ඉහළ ගොස් තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ, මේ වසර අවසන් වන විට සූර්ය පැනල ඔස්සේ විදුලි ඒකක මිලියන 483 ක් නිපදවා ඇති බවයි. එමෙන්ම සූර්ය පැනල මගින් ජනනය කරන එක් විදුලි ඒකකයක් රුපියල් 37 කට මිලදී ගැනීමටද පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles