23.4 C
Sri Lanka
Friday, March 1, 2024
spot_img

විග්නේෂ්වරන් රනිල් සමග අත්වැල් බැඳගනී

උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සහ තමිල් මක්කල් ‍තේසිය කුට්ටනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා ඉදිරියේ පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හට සහය දැක්වීමේ ඉඟි පළ කර තිබෙනවා.

ඊයේ (07) පැවති පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා සිටියේ වත්මන් අපේක්‍ෂකයන් අතරින් හොඳම අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සළකන බවයි

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේදී තමන් සමඟ කතාබහ කළ බව පැවසු විග්නේෂ්වරන් මහතා සාකච්ඡා කළ තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.

මෙහිදි තවදුරටත් විග්නේෂ්වරන් මහතා කියා සිටියේ වත්මන් නායකයන් අතරින් දෙමළ ජනතාව සමඟ කටයුතු කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බවයි.

ජනාධිපතිවරයාගේ කතාව අතරතුර ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවෙන් පිටව යෑම ගැනද විග්නේෂ්වරන් මහතා විසින් මෙහිදි විවේචනය කර තිබුණා.

Stay Connected

7,548FansLike
782FollowersFollow
1,240SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles